December 3, 2025

ගංවතුර හා නායයෑම්වලින් පීඩාවට පත් සෑම පාසල් දරුවකුටම අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 25,000 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම මුදල ජනාධිපති අරමුදලෙන් ලබාදීමට තීරණය කර ඇති බවයි.

ශ්‍රී ලංකාවට බලපෑ දිත්වා සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් පාසල් වසාදමා ඇති අතර, 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය අතරමගදී කල්දමන ලදී.