June 11, 2025

පොසොන් පොහොය දිනයේ බෙදාහැරීම සදහා ත්‍රිරෝද රථයකින් කසිප්පු බෝතල් 25ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු සපුගස්කන්ද පොලිසිය මගින් ඊයේ (10) දින අත්අඩංගුවට ගෙන ඇත.

ජාඇල සිට සපුගස්කන්ද දෙසට ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයකින් කසිප්පු තොගයක් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත, එම වැටළීම සිදුකර තිබේ.

පොසොන් පොහොය දිනයේ මත්පැන් වෙළඳසැල් වසා තිබෙන හෙයින් සපුගස්කන්ද හා කැලණිය යන ප්‍රදේශවලට අලෙවි කිරීම සඳහා එම කසිප්පු ප්‍රවාහනය කළ බවට අනාවරණය වි ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

සපුගස්කන්ද පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.