
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලාංකිකයන් 25 දෙනකු ඇතුළු විදේශිකයන් 186 දෙනකු මාලදිවයින විසින් පිටුවහල් කර ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
වීසා නීති උල්ලංඝනය කිරීම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වැනි අපරාධ සම්බන්ධයෙන් මෙම පිරිස පිටුවහල් කර ඇත.
බංග්ලාදේශ ජාතිකයන් 83ක්, ඉන්දියානුවන් 43ක් සහ නේපාල ජාතිකයන් 08ක් පිටුවහල් කළ පිරිස අතර වේ.
ස්වදේශ ආරක්ෂක ඇමැති අලි ඉහුසන් පසුගිය අඟහරුවාදා පැවැති ජනමාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ, විවිධ නම්වලින් ක්‍රියාත්මක වන නීතිවිරෝධී ව්‍යාපාරවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යාංශය ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart