
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙරොයින් සහ ‘අයිස්’ වැනි මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත දෙහිවල සහ කොහුවල පොලිසි විසින් අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද පුද්ගලයින් 25 දෙනෙකු පමණ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිදහස් කර තිබේ.
ඔවුන් සන්තකයේ තිබූ ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය නොවන බව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවලින් හෙළි වීමෙන් පසු එම පිරිස මෙලෙස නිදහස් කෙරිණි.
එලෙස නිදහස ලැබූ එක් අයකු ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු පවුලේ අය මුහුණ දුන් ගැටළු හේතුවෙන් මානසික අවපීඩනයට පත්වීම නිසා සියදිවි නසා ගෙන තිබේ.
එම වින්දිතයා වෙනුවෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ගීත්මා ප්‍රනාන්දු පොලිසියට චෝදනා කළේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට තම සේවාදායකයාට අභූත චෝදනා නගා ඇති බවයි.
පොලිසිය එම චෝදනාවට ප්‍රතිචාර දැක්වූයේ නැත.
රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තා මත පදනම්ව පසුව නිදොස් කොට නිදහස් කරන ලද බොහෝ සැකකරුවන් මාස නවයක් දක්වා රක්ෂිත බන්ධනාගාරයේ ගත කර සිට ඇති බව ද අනාවරණ වී තිබේ.
පොලිසිය මුලින් ප්‍රකාශ කර ඇත්තේ වින්දිතයා සතුව හෙරොයින් ග්‍රෑම් 3.2ක් තිබූ බවයි.
ඇප ඉල්ලීම සඳහා ඔහුට මහාධිකරණය හමුවට යෑමට සිදු වූ අතර, ඒ සඳහා විශාල මූල්‍ය වියදමක් දැරීමට ද සිදුව තිබිණි.
තම සේවාදායකයා සන්තකයේ මත්ද්‍රව්‍ය තිබී නොමැති බව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවෙන් පෙනී යන බවින් පොලිසිය ඔහුව ව්‍යාජ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන ඇති බව පෙනී යන්නේයැයි නීතිඥ ප්‍රනාන්දු පැවසුවාය.
තම සහෝදරයාගේ මරණ සහතිකය ද රැගෙන අධිකරණයට පැමිණ සිටි වින්දිතයාගේ සහෝදරිය, සහෝදරයාට එරෙහි චෝදනාවලට නිර්දෝෂී බව නිවේදනය කළ විට විවෘත අධිකරණයේදී ශෝක වන අයුරු දැකිය හැකි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart