
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2022 වාර්ෂික විගණකාධිපති වාර්තාව අනාවරණය කර ඇති ආකාරයට වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ විධිමත් ක්‍රමයට පිටින් ජනප්‍රිය පාසල්වලට ළමුන් 2,367ක් ඇතුළත් කර ඇත.
2020 ජනවාරි 01 සිට 2022 මැයි 31 දක්වා කාලය තුළ මෙම අවිධිමත් බඳවාගැනීම් සිදුකර ඇති බව වාර්තාව අනාවරණය කරයි.
එම වාර්තාවට අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා ලිපි 3,308ක් නිකුත් කර තිබූ බව පැවසේ.
මේ අතර, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පෙන්වාදෙන්නේ, මෙම ලිපිවලින් 72% ක් නිකුත් කර ඇත්තේ මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති කාර්යාලය ඇතුළු නිලධාරීන්ගේ ඉල්ලීම් මත පදනම්ව බවයි.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්වලාභීන් මෙම ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වේ.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පන්ති සඳහා පසුගිය වසරේ කොළඹ විශාඛා විද්‍යාලයට ලිපි 41ක්, ආනන්ද විද්‍යාලයට ලිපි 48ක් සහ කොළඹ නාලන්දා විද්‍යාලයට ලිපි 38ක් නිකුත් කර ඇති බව ජෝසප් ස්ටාලින් අනාවරණය කරයි.
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට ලිපි 33ක් නිකුත් කර ඇත.
එසේම කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයට ලිපි 31ක්, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට 48 සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයට ලිපි 29ක්ද මෙලෙස යොමුකර ඇත.
මීට අමතරව මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයට ලිපි 30ක්, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට ලිපි 15ක් සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලයට ලිපි 31ක්ද නිකුත් කර ඇති බවද සඳහන් වේ.
මෙවැනි අවිධිමත් බඳවාගැනීම් හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ට 06 ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමේ අවස්ථාව අහිමි වී ඇති බවද ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart