
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජෝර්දානයේ Asil සහ High Apparel යන ඇඟලුම් කම්හල් දෙකක් වසාදැමීම හේතුවෙන් රැකියා අහිමිවී ඇති සම්පුර්ණ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 221ක් බව වාර්තා වේ.
අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ, එම පිරිසෙන් 66 දෙනෙකි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ජෝර්දාන තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ජෝර්දානයේ කම්කරු අමාත්‍යාංශය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී, විපතට පත් ශ්‍රමිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සහ හිඟ වැටුප් පියවීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
ඒ අනුව, 2023 දෙසැම්බර් 31 දින දක්වා සේවකයන්ට ගෙවිය යුතු සියලුම හිඟ වැටුප් ගෙවීමට එරට කර්මාන්තශාලා කළමනාකාරීත්වය එකඟ වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart