
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අවිද්‍යාත්මක මතවාදවලින් බැහැරව දරුවන්ට සරම්ප එන්නත් ලබාදීමට මව්පියන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
විවිධ හේතු මත එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කළ මාස 9ත් අවුරුදු 15ත් අතර දරුවන්ටද අද (06) දින පැවැත්වෙන එන්නත්කරණ වැඩසටහනේදී සරම්ප එන්නත් ලබාගැනීමට අවස්ථාව හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ් සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මෙසේ පවසයි.
“මිත්‍යා විශ්වාස මෙන්ම ආගමික ඇදහිලිත් සමග සමාජයේ යම් යම් කොටස් අතර මේ එන්නත් ලබාගත යුතු නැහැයි කියලා කාලක් තිස්සේ අදහස් තිබුණා. පසුගිය කාලය තුළ ඒ මිත්‍යා විශ්වාස වැඩිවීමක් සිදුවෙලා තියෙනවා. මේ කියන කාරණා එක්ක තමයි අද දවසේ නැවතත් සරම්ප හිස ඔසවන තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ.
සරම්ප එන්නත ලබාගත යුතු වයසේ ඉන්න සරම්ප එන්නත ලබා නොගත් දරුවෝ සමාජයේ 7500කට ආසන්න පිරිසක් සැරිසරවා කියලා අනුමාන කරනවා. මිලියන 22 ක ජනගහනය අවදානමට ලක් කරලා තියෙන්නේ මේ කුඩා සංඛ්‍යාව.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart