
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් දස දෙනෙකු හැර අනෙක් 215 දෙනාම පෞද්ගලික ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් දෙන රිපීටර් ෂොට්ගන් දෙක ජනාධිපතිවරණයට පෙර ලබාගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඒ, 2022 අරගලයෙන් පසු ඔවුන්ගෙන් පිරිසකට අයත් නිවාස ගණනාවකට ගිනි තැබීමේ සිදුවීම් වාර්තා වූ පසුබිමකය.
රිපීටර ගිනි අවියක් යනු අතින් නැවත පිරවීමකින් තොරව කිහිප වතාවක් වෙඩි තැබිය හැකි ගිනි අවියකි.
එවැනි රිපීටර් තුවක්කුවක් එකවර කාට්රිජ් දහයකින් පුරවා ගතහැකි බව පැවසේ.
සෑම මන්ත්‍රීවරයකුටම රිපීටර් ෂොට්ගන් දෙකක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු බලධාරීන් විසින් මාස දහයකට පමණ පෙර ඉල්ලීමක් කර තිබිණි.
ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් වාර වන්නේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු හැර අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන් අවශ්‍ය මුදල් ගෙවා එම ගිනිඅවි රැගෙන ගොස් ඇති බවයි.
චීනයේ නිෂ්පාදිත පිස්තෝල මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කළ නමුත් ඒවායින් බොහොමයක් මේ වන විට අක්‍රියව පවතින බැවින් රිපීටර් ගිනි අවි නිකුත් කිරීමට තීරණය කර ඇත.
එම ගිනිඅවි කිසිඳු තෙවැනි පාර්ශ්වයකට පැවරිය නොහැකි බවට ආරක්ෂක අමාත්‍යාංශය විසින් නියම කර ඇත.
ඉදිරියේදී තනතුරුවලින් ඉවත් වුවද මන්ත්‍රීවරුන්ට ඒවා සන්තකයේ තබා ගැනීමටද අයිතිය දී තිබේ.
අරගලය උද්ඝෝෂණයේ උච්චතම අවස්ථාව අතරතුර මැයි 9 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කර තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 72 දෙනෙකුගේ නිවාස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික පුස්තකාලය ද ගිනිබත් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart