
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනවාරි මාසයේදී ජර්මනියට ඉහළ වායුගෝලයේදී පුපුරා ගිය ග්‍රාහකය පෘථිවියට ආසන්න වස්තුවකින් මෙතෙක් වාර්තා වී ඇති වැඩිම භ්‍රමණ වේගය සහිත වස්තුව බව නව පර්යේෂණයකින් පෙනීගොස් තිබේ.
2024 BX1 ලෙස නම් කරන ලද එම අභ්‍යවකාශ පාෂාණය, ගිනි බෝලයක් බවට පත් වී බර්ලිනයට ඉහළින් පුපුරා ගියේ ජනවාරි 21 වැනි දින අලුයමය.
පෘථිවිය සමඟ ගැටෙන කුඩා ග්‍රහක සාමාන්‍යයෙන් අනාවරණය වන්නේ ඒවා වායුගෝලයට කඩාවැටෙන විට පමණක් වුවද, මෙය වායුගෝලයට කඩාවැටීමට පැය තුනකට පමණ පෙර විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබිණි.
වාර්තා වන පරිදි මෙවැනි අසාමාන්‍ය භ්‍රමණයක් පැවති එකම ග්‍රහකය 2024 BX1 නොවේ.
පර්යේෂකයන්ට අනුව පැයට සැතපුම් 31,000 වේගයෙන් ගමන් කළ මෙම ග්‍රහකය සෑම තත්පර 2.6කට වරක් භ්‍රමණය වී තිබේ.
එය ග්‍රහකයක් සඳහා මෙතෙක් දැක ඇති වේගවත්ම භ්‍රමණයයි.
මීට පෙර, වේගයෙන්ම භ්‍රමණය වන ග්‍රහකය සඳහා වූ වාර්තාව අයත් වූයේ 2020 HS7 නම් පාෂාණයට වන අතර එය තත්පර 2.99ක භ්‍රමණ කාලයක් පෙන්නුම් කර තිබිණි.
එම ග්‍රහකය අඩි 13ත් 24ත් අතර විෂ්කම්භයකින් යුක්ත වූ අතර එය 2024 BX1 ට වඩා තරමක් විශාලය.
ඝට්ටනයකින් පසු නැවත අභ්‍යවකාශයට තල්ලු කිරීම වැනි හේතු කිහිපයක් නිසා ග්‍රහක භ්‍රමණය වේ.
ඒවා වඩාත් සංයුක්ත බැවින් කුඩා ග්‍රහක විශාල ඒවාට වඩා වේගයෙන් භ්‍රමණය වේ.
පෘථිවියට ආසන්නව පියාසර කරන ග්‍රහකවල භ්‍රමණ වේගය දැන ගැනීම එවැනි වස්තූන් ලෝකවාසීන්ට සහ යටිතල පහසුකම්වලට ඇති කරන අවදානම අවම කර ගැනීමට ප්‍රයෝජනවත් විය හැකි බව විද්‍යාඥයන්ගේ අදහසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart