
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය අංශයේ සේවකයන් 2000කට ආසන්න පිරිසක්, රැකියා සඳහා විදේශ ගතවීම සඳහා වසර පහක කාලයක් වෙනුවෙන් දීර්ඝ නිවාඩු ලබා ගැනීමට කැමැත්ත පළ කර ඇත. ආර්ථික අර්බුදය විසඳීමට සහ රජයේ වියදම් අඩු කිරීමට අදාළ පියවරක් ලෙස රජය විසින්ම මෙම යෝජනා ක්‍රමය පසුගිය වසරේ හඳුන්වා දෙන ලදී.
රාජ්‍ය අංශයේ නිලධාරීන්ට මෙම වැටුප් රහිත නිවාඩුව ඔස්සේ, විදේශයන්හි සේවය කිරීමට, වෘත්තීය පුහුණුව ලබා ගැනීමට හෝ ඔවුන්ගේ භාෂා සහ තොරතුරු තාක්ෂණ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා භාවිත කිරීමට අවසර ලබාදී ඇත. මෙම චක්‍රලේඛය හඳුන්වාදීමෙන් පසු රාජ්‍ය අංශයේ සේවකයින් 1988 දෙනෙකු විදේශ රැකියා සඳහා අනුමැතිය ලබාගෙන ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළ දත්ත පෙන්වා දෙයි.
විශේෂ විධිවිධාන යටතේ වැටුප් රහිතව නිවාඩු ලබා ඇති රාජ්‍ය අංශයේ සේවකයින්ගෙන් බහුතරයක් විදේශයන්හි ඉගැන්වීම, සෞඛ්‍ය සේවා, නීතිය, ආරක්ෂාව, ප්‍රවාහනය, තොරතුරු තාක්ෂණ සහ ඉදිකිරීම් යන ක්ෂේත්රයන්හි රැකියා මේ වන විටත් ලබාගෙන ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වාර්තා අනාවරණය කරයි.
(Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart