
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රේගුවට රහසේ ආනයනය කළ ‘සුඛෝපභෝගී වාහන’ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත මකා දමා සාමාන්‍ය මෝටර් රථ ලෙස ලියාපදිංචි කළ බවට චෝදනා ලැබූ එම දෙපාරිතමේන්තුවේ පරිගණක පද්ධති වැඩසටහන් සම්පාදක ඇතුළු හත්දෙනකුට මාර්තු 27 වැනිදා අධිකරණයේ පෙනීසිටින ලෙස නියෝග කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඊයේ (07) සිතාසි නිකුත් කර ඇත.
අධිචෝදනා 60 ක් යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවරා ඇති නඩුව සලකා බැලීමෙන් අනතුරුව මාර්තු 27 වැනිදා නඩුව කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, එදින අධිකරණයේ පෙනීසිටින ලෙස නියම කරමින් විත්තිකරුවන්ට මෙලෙස සිතාසි නිකුත්කර තිබේ.
මෙලෙස සිතාසි නිකුත් කර ඇත්තේ අල්ලස් කොමිසම පවරා ඇති නඩුවෙන් චෝදනා ලැබ සිටින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධති වැඩසටහන් සම්පාදක රෝහිත සමරවීර, ඉඩම් කොමසාරිස් ජනරාල් හා ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු පර්යේෂණ හා සංවර්ධන කොමසාරිස් කළුදේවගේ බන්දුල ජයසිංහ, විමර්ශන හා සංවර්ධන සහකාර උපුල් ප්‍රියනන්ද සිල්වා, විමර්ශන සහකාර කේමන්ත මුත්තුංග (මේ වනවිට විදේශගතව), ලිපිකරුවකු ලෙස කටයුතු කරන නිරළුව ගමගේ චන්න රෝහිත, සිවිල් වැසියන්වන ධර්මරත්න බණ්ඩා සහ අජිත් කුමාර නමැත්තන්ටය.
2015 මැයි 16 වැනිදාත් සැප්තැම්බර් 23 වැනිදාත් අතර කාලසීමාව තුළදී කේ.ඊ. 3845 දරන ත්‍රිරෝද රථය බව හඟවමින් ඒ වෙනුවට රේගුවට හොර රහසේ නීති විරෝධී ආකාරයෙන් ගෙන්වූ මිනි කූපර් රථයක් ලියාපදිංචි කිරීමෙන් රජයට පාඩුකිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙම නඩුව පවරා ඇත.
අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ සඳහන් දූෂණය නමැති වරද සිදුකරන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 70 දෙනකු කැඳවීමට අපේක්ෂා කරන බව දැනුම් දුන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන්, ඔවුන්ගේ නම් සාක්කි ලැයිස්තුවට ඉදිරිපත් කර ඇත.
රේගුවට හොර රහසේ නීති විරෝධී ආකාරයෙන් ලංකාවට ගෙන්වූ වාහන 200ක් පමණ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ දත්ත වෙනස් කරමින් මේ වන විට ලියාපදිංචි කර රජයට රුපියල් කෝටි 500ක පමණ පාඩුවක් කර ඇති බව දැනුම් දුන් නිලධාරීහු එසේ දත්ත වෙනස් කර ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පැවරූ මුල් නඩුව මෙයවන බවත්, ඉතිරි විත්තිකරුවන්ට එරෙහිවද නඩු පැවරීමට පියවර ගන්නා බවත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දී තිබේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart