
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පිරිමි ළමුන් දූෂණය කිරීම ද අපරාධයක් බවට පත් කරමින් දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන ඇතුළත් කර අධිකරණ අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.
ඒ අනුව අදාළ වැරදිකරුවන්ට දැරියන් දූෂණය කිරීමේ වරදකරුවන්ට ලබා දෙන වසර 20ක උපරිම සිර දඬුවම ලබාදිය හැකිය.
මෙතෙක් පිරිමි ළමුන් දූෂණය කිරීම වර්ග කර තිබුණේ බරපතළ ලිංගික අපයෝජනයක් ලෙසයි.
ඒ අනුව ඒ සඳහා උපරිම වශයෙන් වසර පහක සිර දඬුවමක් නියම විය.
පිරිමි ළමුන් දූෂණය කිරීමේ සිද්ධීන් සංඛ්‍යාව භයානක වීම සහ එම වරද සම්බන්ධයෙන් පවතින අන්තර්ජාතික නීති සැළකිල්ලට ගනිමින් පිරිමි ළමුන් දූෂණ අපරාධයක් බවට පත් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට පියවර ගත් බව අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් ජනමාධ්‍ය වෙත පවසා ඇත.
මීට අමතරව, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය සම්බන්ධ නීති ද අධිකරණ අමාත්‍යංශය සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.
දැනට, වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමයෙකු සමඟ ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සංසර්ගයේ යෙදීම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස සැළකේ.
කෙසේවෙතත්, බලධාරීන්ගේ අවධානයට ලක්ව ඇත්තේ ප්‍රේම සම්බන්ධතා හේතුවෙන් කැමැත්තෙන් ලිංගිකව එක්වන අවස්ථා බොහොමයක් ඇති බවයි.
දැනට ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයකට උපරිම වසර 10ක බරපතළ සිරදඬුවමක් හිමිවේ.
කෙසේවෙතත්, දෙපාර්ශ්වය අතර ප්‍රේම සම්බන්ධයක් පැවති බවට සහ ඔවුන් එකඟතාවයෙන් ලිංගිකව එක්වූ බවට අධිකරණය සෑහීමකට පත්වන්නේ නම්, එම සංශෝධනය මගින් විත්තිකරුට වසර 10ක බරපතළ වැඩ සහිත අත්හිටවූ සිරදඬුවමක් පැනවීමට මහාධිකරණයට හැකියාව ලැබේ.
ප්‍රායෝගික සහ සානුකම්පිත හේතූන් මත මෙම සංශෝධනය ගෙන එන බව ද අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart