October 11, 2024

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතුවල යෙදී සිටින ශ්‍රී ලාංකික භටයන් දෙදෙනෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සුළු තුවාල ලබා ඇතැයි ශ්‍රී ලංකා හමුදාව පවසයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර පවසන්නේ සිද්ධිය වන අවස්ථාවේ ශ්‍රී ලංකා සෙබළුන් දෙදෙනා නකූරා ගම්මානයේ එක්සත් ජාතීන්ගේ කඳවුරක සිට ඇති බවයි.

ගුවන් ප්‍රහාර කඳවුරට ආසන්න ගමට එල්ල වී ඇති අතර, ඒ අතරතුර අසල බංකරයක සැඟවී සිටි ශ්‍රී ලංකා සෙබළුන් දෙදෙනාට අවශේෂ කොටස් වැදී ඇති බව ඔහු පවසා තිබේ.

සුළු තුවාල ලැබු සෙබළුන් එක්සත් ජාතීන්ගේ කඳවුරේ රෝහලේ ප්‍රතිකාර ලබන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටී.

මේ අතර, ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය කියා සිටියේ ලෙබනනයේ නකූරා මූලස්ථානයේ සහ ඒ ආසන්නයේ පිහිටි එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකායට නැවත නැවතත් පහර දුන් බවයි.

“අද උදෑසන, IDF Merkava ටැංකියක් නකූරා හි එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකාහි මූලස්ථානයේ නිරීක්ෂණ කුළුණක් දෙසට වෙඩි තැබීමෙන් සාම සාධක භටයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා, මෙය සෘජුවම පහර දී ඔවුන් ඇද වැටීමට සැලැස්වීමක්. වාසනාවකට මෙන්, මෙවර තුවාල බරපතළ තත්ත්වයේ නැහැ, නමුත් ඔවුන් තවමත් රෝහලේ ඉන්නේ, ”යනුවෙන් එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් ප්‍රකාශයේ සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් 2006 ආරක්ෂක කවුන්සිලයේ වරමක් යටතේ ස්ථාවරත්වයට නැවත පැමිණීමට සහාය දැක්වීම සඳහා දකුණු ලෙබනනයේ රඳවා තිබේ.

එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකායට අනුව සාම සාධක භටයන්ට හිතාමතා කරන ඕනෑම ප්‍රහාරයක් අන්තර්ජාතික මානුෂීය නීතිය සහ 1701 ආරක්ෂක කවුන්සිලයේ යෝජනාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි.

42.31%
17.27%
32.76%