
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කිරි ලබාදෙන එළදෙනුන් මස් පිණිස ඝාතනය කිරීම සදහා වන දඩය රුපියල් මිලියනය දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙරට දියර කිරි කර්මාන්තය ඉහළ නැංවීම සදහා මේ වන විට සාර්ථක ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කර ඇති බවයි.
ඒ සදහා වන බාධා අතර, කිරි එළදෙනුන් මස් පිණිස ඝාතනය කිරීම ප්‍රධාන බවද ඔහු පැවසීය.
මෙම ගැටලුවට විසදුමක් ලෙස කිරි එළදෙනුන් මස් පිණිස ඝාතනය කිරීමට එරෙහි දඩ මුදල රැපියල් මිලියනය දක්වා ඉහළ නැංවීමට අදාළව නීති සංශෝධනය කිරීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart