
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අපේක්ෂකයන් 19 දෙනකු ජනාධිපතිවරණයට අදාළව ඊයේ (10) වන විටත් කිසිම ප්‍රචාරක කටයුත්තක් සිදුකර නොතිබූ බව තොරතුරු අනාවරණයවී ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
මේ සම්බන්ධයෙන් එම සංවිධානය ඊයේ විශේෂ අධ්‍යයනයක් ආරම්භ කළේය.
මේ අතුරින් සමහරුන් පක්ෂ කාර්යාලයක් හෝ ඉදිකර නැතැයි තොරතුරු අනාවරණය වන බව පවසන රෝහණ හෙට්ටිආරච්චි, සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරිම සඳහා ගුවන් කාලය ලබාගෙන ඇත්තේද අපේක්ෂකයන් දසදෙනකු පමණක් බව සඳහන් කරයි.
මේ අතර සමහර අපේක්ෂකයන් සිටින තැනක් සොයාගැනීමට පවා නොහැකිවී ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 38 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.
දැනට ප්‍රචාරක කටයුතු වල සක්‍රීයව දායකව සිටින්නේ ඉත් අපේක්ෂකයන් දසදෙනකු පමණි.
ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේදී ය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart