January 24, 2026

රියදුරු බලපත්‍ර නොමැතිව යතුරු පැදි ධාවනයකළ විදේශිකයන් දහදෙනකු හට දඩ පත්‍රිකා නියම කිරීමට අහංගම පොලීසිය කටයුතු කර තිබේ.

සංචාරක වීසා මත මෙරටට පැමිණි මෙම විදේශිකයන් මෙලෙස යතුරුපැදී ධාවනය කර ඇති බව අනාවරණය වී ඇත.

අහන්ගම පොලිසියේ රථවාහන අංශයේ කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂාව සිදුකළ බව පොලිසිය පවසයි.