April 27, 2024

මෙරට දරුවන් හා නව යොවුන් වියේ දරුවන්ගෙන් 10% ත් 15% ත් අතර ප්‍රතිශතයකට ඇදුම රෝගයේ ලක්ෂණ පවතින බව ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

ඇදුම රෝගීන් බහුල වශයෙන් වාර්තාවන රටවල් අතර ශ්‍රී ලංකාව සිටින බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක පවසයි.

ඇදුම රෝගය පාලනය නොවීමෙන් සංකූලතා රැසක් ඇතිවය හැකි බව ද ඔහු අනාවරණය කරයි.