
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍යයේ ප්‍රකට විස්ඩන් ආයතනය විසින් 21 වැනි සියවසේ ශ්‍රේෂ්ඨතම ටෙස්ට් තරගමාලා 15 අතරට ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරගමාලා තුනක් ශ්‍රේණිගත කර තිබේ.
එම තරගමාලා තුන වන්නේ 2014 දී එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව 1-0 ලැබූ ත්‍රාසජනක ජයග්‍රහණය, 2018 දී බටහිර ඉන්දීය කොදෙව්වන්හිදී 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කළ තරගාවලිය සහ 2004 දී ශ්‍රී ලංකාවේදී ඕස්ට්‍රේලියාව ලැබූ 3-0 ජයග්‍රහණය ඇතුළත් වේ.
2004 තරගය ‘ටෙස්ට් ඉතිහාසයේ මෑතකාලීන පිරිසිදුම පරාජය’ ලෙස හැඳින්වේ.
2014 තරඟමාලාවේ තරඟ දෙකම අවසන් ඕවරයේ දී තීරණය වූ අතර, ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම හෙඩින්ග්ලි හිදී සුපිරි ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්විය.
2018 කැරිබියන් සංචාරය ද ඉහළ අවධානයක් දිනු තරගයක් වූඅතර, පන්දුව පළුදු කිරීමේ මතභේදයක් මෙන්ම තාවකාලික නායක සුරංග ලක්මාල් යටතේ තීරණාත්මක තරඟයේදී ශ්‍රී ලංකාව ප්‍රතිවාදී කණ්ඩායමට එරෙහිව ප්‍රබල ලෙස නැගී සිටීමට සමත්විය.
2004 තරඟමාලාවේ ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී පෙරමුණ ගත්ත ද රිකී පොන්ටින්ගේ නායකත්වයෙන් යුතු ඕස්ට්‍රේලියානුවන්ට ජයග්‍රහණය සඳහා සෑම අවස්ථාවකම සටන් කිරීමට හැකි විය.
2020/21 ඉන්දියාව ඕස්ට්‍රේලියාවේදී ලැබූ ජයග්‍රහණය විස්ඩන් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටි අතර එංගලන්තය සහ ඉන්දියාව අතර 2025 ඇන්ඩර්සන්-ටෙන්ඩුල්කාර් කුසලානය පස්වැනි ස්ථානයේ දක්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart