
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්ථානයේ ෆයිසාලාබාද් හි සංවිධානාත්මකව මෙහෙයවූ වංචා ඇමතුම් මධ්‍යස්ථානයක සිදුකළ වැටළීමකින් පසු පාකිස්තාන බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 149 දෙනා අතර ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ද සිටින බව එරට ජාතික සයිබර් අපරාධ විමර්ශන ඒජන්සිය තහවුරු කර තිබේ.
ලද තොරතුරක් මත සිදුකළ වැටළීමේදී විවිධ වංචනික යෝජනා ක්‍රම සහ ව්‍යාජ ආයෝජන වංචාවලට සම්බන්ධ මහාපරිමාණ වංචනික මෙහෙයුමක් අනාවරණය වූ බව ද නිලධාරීහු පවසති.
මෙම වංචාව හරහා ඉහළ ප්රතිලාභ ලැබෙන ආයෝජන අවස්ථා මුවාවෙන් වින්දිතයන් රවටා විශාල මුදල් ප්‍රමාණයක් මාරු කර ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර පාකිස්ථාන ජාතිකයන් 78 දෙනකු, චීන ජාතිකයන් 48 දෙනකු, නයිජීරියානුවන් 8 දෙදෙනකු, පිලිපීන ජාතිකයන් 4 දෙනකු, බංග්ලාදේශ ජාතිකයන් 6 දෙනකු, මියන්මාර ජාතිකයන් දෙදෙනකු, සිම්බාබ්වේ ජාතිකයකු සහ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ද වන බව පාකිස්ථාන නිලධාරීහු පවසති.
එමෙන්ම පාකිස්තාන නිලධාරීන් පවසන්නේ, මෙයින් පිළිඹිබු වන්නේ සයිබර් සහ මූල්‍ය අපරාධ මැඩලීම සඳහා දේශසීමා සහයෝගීතාවයේ අවශ්‍යතාවය බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදුවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart