October 10, 2024

අදට යෙදී තිබෙන 75 වැනි යුද හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 139 දෙනකු සහ සෙසු නිලයන් 1,273 දෙනකු ඊළඟ නිලයන් වෙත උසස් කර තිබේ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේගේ නිර්දේශ මත ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම උසස්වීම් ප්‍රදානය කර ඇත.

ඒ අනුව, ලුතිනන්වරුන් 131 දෙනෙකු කපිතාන් නිලයට සහ දෙවන ලුතිනන්වරුන් 08 දෙනෙකු ලුතිනන් නිලය දක්වාත් නිලධර කාණ්ඩය යටතේ උසස් කර ඇත.

අනෙකුත් නිලයන් කාණ්ඩයේ දී වරෙන්තු නිලධාරීන් -II කාණ්ඩයේ 99 දෙනෙකු වරෙන්තු නිලධාරී-I නිලය දක්වාත් මාණ්ඩලික සැරයන්වරුන් 185 දෙනෙකු වරෙන්තු නිලධාරි-II නිලය දක්වාත් සැරයන්වරුන් 380ක් මාණ්ඩලික සැරයන් නිලය දක්වාත් කෝප්‍රල්වරුන් 346ක් සැරයන් නිලය දක්වාත් ලාන්ස් කෝප්‍රල්වරුන් 111 දෙනෙකු කෝප්‍රල් නිලය දක්වාත් ආධුනික සෙබළුන් 152 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලය දක්වාත් උසස් කර ඇත.