
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පැවති 2025 ලෝක කනිෂ්ඨ සංචාරක තානාපති තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිසු සිසුවියන් 5 දෙනෙකු සම්මාන 13ක් සමඟින් දිවයිනට පැමිණ තිබේ.
ජුනි 23 සිට 27 දක්වා පැවති මෙම අන්තර්ජාතික තරගයට රටවල් 16 කින් කනිෂ්ඨ තරඟකරුවන් 29 දෙනෙකු එක්වූ අතර සංස්කෘතික හුවමාරුව සහ නිර්මාණාත්මක කුසලතා තුළින් ගෝලීය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගෙන එය පැවැත්විණි.
තරඟය සංවිධානය කරන ලද්දේ World Double Event විසිනි.
එහිදී කැපීපෙනෙන දස්කම් දැක්වූ සිසුන් අතර 8 හැවිරිදි ඇන්ජලා කල්යාණපුත්රි විමලසූරිය ‘ප්‍රින්සස් කාණ්ඩය’ යටතේ ජනප්‍රියතම ජයග්‍රාහිකාව මෙන්ම සමාජ මාධ්‍ය ජයග්‍රාහිකාව ලෙස ද තේරීපත් විය.
එමෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 7 හැවිරිදි චමීෂ සෙනාෂ් සුදසිංහ, 13 හැවිරිදි දුලේන් සත්දිනු ප්‍රනාන්දු, 9 හැවිරිදි චේනුක උදාන විජයබණ්ඩාර, සහ කිතුලු කත්යා හදපාන්ගොඩ ද එම තරඟාවලියට සහභාගි වූහ.
ඔවුහු එක්ව හොඳම කතාව, හොඳම සාම්ප්‍රදායික ඇඳුම, හොඳම ඇඳුම, නැගී එන තරුව සහ හොඳම දක්ෂතා සඳහා වන සම්මාන ඇතුළුව රට වෙනුවෙන් සම්මාන 13ක් ලබාගත්හ.



(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart