
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලාංකික ළමුන් විදේශගත කිරීම පිළිබඳව පසුගිය දිනවල පළවූ වාර්තා සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය අවශ්‍ය පියවර ගෙන ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ ප්‍රකාශ කළේ, ළමුන් 13 දෙනකු යුරෝපා රටවලට විකිණීම සඳහා මැලේසියාවට ප්‍රවාහනය කර ඇති බව සොයාගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවට සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට (NCPA) උපදෙස් ලබාදී ඇති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
ළමුන් 13 දෙනකු මැලේසියාව හරහා එක්සත් රාජධානියට සහ ප්‍රංශයට ප්‍රවාහනය කර ඇති බවට පොලිසිය පසුගියදා හෙළිදරව් කිරීමත් සමඟ අමාත්‍යංශයේ මැදිහත්වීම සිදුවිය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා විසින් ළමා ජාවාරම් පිළිබඳ පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ගොනුකර තිබිණි.
වයඹ පළාතේ පදිංචි වයස අවුරුදු 18ට අඩු දෙමළ සම්භවයක් ඇති දරුවන් මැලේසියාවට ප්‍රවාහනය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම ළමුන් නිල විදේශ ගමන් බලපත්‍ර මගින් මැලේසියාවට රැගෙන ගොස් එහි සිට ව්‍යාජ ගමන් බලපත්‍ර යොදාගනිමින් එක්සත් රාජධානියට සහ ප්‍රංශයට යවා ඇති බව වැඩිදුරටත් අනාවරණය වී ඇත.
මේ වන විටත් ළමුන් 13 දෙනකු මැලේසියාවට ප්‍රවාහනය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර එම ජාවාරම මෙහෙයවන තැරැව්කරුවකු සම්බන්ධනද තොරතුරු අනාවරණය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart