
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය ආයතනවල මහජන සේවා සඳහා වෙන්කර ඇති පොදු දුරකතනවලින් 13%ක් අක්‍රීය තත්ත්වයේ පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් දෙදෙනකු කළ සමීක්ෂණයක දී පෙනී ගොස් ඇත.
මෙම සමීක්ෂණය කරනු ලැබ ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ සහ මහාචාර්ය මාලක රණතිලක යන අය විසිනි.
එසේම රාජ්‍ය ආයතනවල දුරකතනවලින් සියයට 42 ක් ක්‍රියාකළත් එම දුරකතනවලට, ප්‍රතිචාර නොදක්වන බව ද සමීක්ෂණයේ දී පෙනීගියේ යැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.
ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා 157ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයක දී මේ තොරතුරු අනාවරණය වී ඇත.
මෙයට අමතරව ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ජනතාවට ලබා දී ඇති දුරකතන අංක වලින්
සියයට 49ක් අක්‍රීය තත්ත්වයේ පැවතුණු බව ද එම සමීක්ෂණයේ දී තොරතුරු අනාවරණය වී ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart