
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙඩි වැදී තුවාල ලබා සිටියදී ඉතා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී මියගිය භාතිය හස්තියා සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් පවතින පසුබිමක් තුළ වනජීවී දෙපාර්තමේන්තුව පවසන්නේ, වෙඩි වැදී තුවාල ලබා සිටින ඇතුන් දෙදෙනකු ඇතුළු තවත් වන අලි දහතුන්දෙනකු මේ වනවිට ප්‍රතිකාර ලබන බවයි.
එම දෙපාර්තමේන්තුවේ වනජීවී සෞඛ්‍ය අධ්යක්ෂ තාරක ප්‍රසාද් ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසන්නේ, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අලි ඇතුන් හත්දෙනෙකු අනුරාධපුරයේ ද, පොළොන්නරුවේ තිදෙනෙකු ද, වවුනියාවේ එක් අලියෙකු ද, දකුණු ප්‍රදේශයේ තවත් අලි දෙදෙනෙකු ද ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
එමෙන්ම භාතිය හස්තියාගේ මරණය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු පවසන්නේ, ඉකුත් මැයි 18 වැනි දින මෙම සිදුවීම වනජීවී දෙපාර්තමේන්තුවට වාර්තා වනවිටත් එම හස්තියා වෙඩි වැදීමෙන් තුවාල සිදුව මාස 02 ක් ගතව තිබූ බවයි.
අනතුරුව මැයි 19 වැනි දින පශු වෛද්‍යවරුන් එම ස්ථානයට පැමිණ හස්තියාට ප්‍රතිකාර කිරීමට කඩිනමින් ක්‍රියාකළ බව ද ඔහු පවසයි.
භාතියගේ ඉදිරිපස කකුලේ ගැටිත්තක් සහිත, වෙඩි වැදී සුව වූ තුවාල කිහිපයක් හැර පරීක්ෂා කිරීමේදී විවෘත තුවාල නොතිබූ බව ද ඔහු සඳහන් කරයි.
මේ අතර, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ පවසන්නේ, මේ වසරේ මුල් මාස හය තුළ අලි මරණවලින් සියයට 17ක් වාර්තා වී ඇත්තේ වෙඩි වැදී සිදුවූ තුවාල හේතුවෙන් බවයි.
මෙරට සිදුවන අලි මරණවලින් සියයට 20 ක් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ වෙඩි වැදීමෙන් සිදුවන තුවාල හේතුවෙන් බවත්, එවැනි මරණවලින් සියයට 90 කට වැඩි ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදිත ආයුධ නිසා සිදුවන බවත් ඔහු පෙන්වාදෙයි.
අධ්යක්ෂ ජනරාල්වරයා පවසන්නේ, බොහෝ අවස්ථාවල එවැනි වෙඩි තැබීම් සඳහා දේශීයව නිෂ්පාදිත අවි භාවිත කරන බැවින් පරීක්ෂණ සහ වැරදිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී දෙපාර්තමේන්තුව ප්‍රායෝගික ගැටලුවලට මුහුණදෙන බවයි.
නීත්‍යානුකූල අවි භාවිත කරන්නේ නම් රජයේ රස පරීක්ෂකවරයාට උණ්ඩ සහ ආයුධ තක්සේරු කර පරීක්ෂණ සිදුකිරීම පහසු බව ද ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart