
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වසර ආරම්භයේ සිට ජනවාරි 19 වැනිදා දක්වා මෙරටින් මාරක මාර්ග අනතුරු 113ක් වාර්තා වී තිබේ.
එම අනතුරු හේතුවෙන් පුද්ගලයන් 120 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසීය.
රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පැවසුවේ අනතුරුවලින් පුද්ගලයන් 216 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර එම කාලය තුළ සුළු අනතුරු 490ක් ද වාර්තා වී ඇති බවයි.
ඊයේ (20) කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් සේනාධීර පැවසුවේ දේපළ හානි සම්බන්ධයෙන් සිදුවීම් 159ක් ද වාර්තා වී ඇති බවයි.
පදික මරණ 33ක් වාර්තා වී ඇති බව ද ඔහු සඳහන් කළේය.
යතුරුපැදිකරුවන් ද වැඩි වශයෙන් අනතුරට ලක්ව ඇති බව පෙනීගොස් තිබේ.
යතුරුපැදිකරුවන් 45 දෙනෙකු මියගොස් ඇති අතර, පසු පැදිකරුවන් හත් දෙනෙකු ද මිය ගොස් ඇත.
විශේෂයෙන් පදිකයන් සහ යතුරුපැදිකරුවන් වැනි අවදානමට ලක්විය හැකි පිරිස සම්බන්ධ අනතුරු සංඛ්‍යාව ඉහළ යම මැඩපැවැත්වීම සඳහා මාර්ග ආරක්ෂාව ක්‍රියාත්මක කිරීමට සහ මහජනතාව දැනුවත් කිරීමට වැඩසටහන් තීව්ර කරන බව ද පොලිසිය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart