
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වයඹදිග චීනයේ ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ දී ඇති වූ භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 116 දෙනකු මියගොස් තවත් 220 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ගන්සු පළාතේ රික්ටර් මාපක 6.2ක ප්‍රබල මෙම භූ කම්පනය හටගත් අතර, පසුව අසල්වැසි ෂින්ජියැන්ග් වෙත ද එය බලපෑ බව චීන බලධාරීහු පවසති.
ගන්සු පිහිටා ඇත්තේ ටිබෙට් සහ ලෝස් සානුව අතර වන අතර එය මොංගෝලියාවට මායිම් වේ.
මෙම භූමිකම්පාව චීනයේ මුස්ලිම් හුයි ජනයාගේ පරිපාලන කලාපයක් වන ලින්ක්සියා හුයි ස්වයං පාලන ප්‍රාන්තයට ද බලපා ඇත.
චීන බලධාරීන් පැවසුවේ එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය (USGS) විසින් රික්ටර් පරිමාණයේ 5.9ක් සහ කිලෝමීටර 10ක් (සැතපුම් හයක්) ගැඹුරක් වාර්තා කර ඇති බවයි.
මේ අතර පසු කම්පන 10ක් පමණ සිදුව ඇති බව පළාත් පාලන ආයතන වාර්තා කරයි.
ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති ෂී පැවසුවේ, “සෝදිසි කිරීම සහ ගලවා ගැනීම, තුවාලකරුවන්ට කාලෝචිත ආකාරයකින් ප්‍රතිකාර කිරීම සහ ජීවිත හානි අවම කිරීම සඳහා සියලු උත්සාහයන් ගත යුතු” බවයි.
ගන්සු හි ජිෂිෂාන් ප්‍රාන්තයේ ප්‍රාදේශීය බලධාරීන් ජනමාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී ඔවුන් කියා සිටියේ, ගන්සු හි 105 දෙනෙකු මිය ගොස් තවත් 96 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ෂින්ජියැන්ග් හි තවත් 11 දෙනෙකු මිය ගොස් 124 දෙනෙකු තුවාල ලබා ඇති බව රාජ්‍ය මාධ්‍ය ඒජන්සිය වන Xinhua වාර්තා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart