
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි රාජ්‍යයට ඉස්ලාම් සටන්කාමීන් විසින් ඊයේ (07) එල්ල කළ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 114 ක් මිය ගොස් තිබේ.
ප්‍රහාර එල්ල වී ඇත්තේ සිවිල් වැසියන්යන් ගැවසෙන නයිජර් ගංගාවේ යාත්‍රා කළ බෝට්ටුවකට සහ මධ්‍යම ගාඕ නගරය ආසන්නයේ පිහිටි මාලි හමුදා කඳවුරක් ඉලක්ක කරගෙන බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
පළමු ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 49 දෙනකු මියගොස් ඇති අතර, දෙවැනි ප්‍රහාරයේදී සොල්දාදුවන් 15 ක් සහ සටන්කාමීන් 50 ක් මියගොස් ඇති බව වාර්තාවේ.
මාලි රාජ්‍යයේ ප්‍රහාරවලින් එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින් 350 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, ඊට ශ්‍රී ලංකා සොල්දාදුවන් තිදෙනෙක්ද ඇතුළත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart