
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගතවූ පැය 48 ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් බාලවයස්කාර දැරියන් 05දෙනකු ඇතුළුව පුද්ගල අතුරුදහන්වීම් 11ක් පිළිබඳ පැමිණිලි ලැබි ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙලෙස අතුරුදන්ව ඇති පිරිස අතර අතුරුගිරිය ප්‍රදේශයේ මෙහෙණි ආරාමයක වැඩවිසූ 14 සහ 15 වයස්වල පසුවන මෙහෙණින් වහන්සේලා දෙනමක් සහ බිබිල ප්‍රදේශයේ බාලිකා නිවාසයක රැදී සිටි 16 වියැති දැරියන් 02ක් සිටින බව පැවැසේ.
මෙම දැරියන් දෙදෙනා ප්‍රදේශයේ පාසලක 11වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර, සිසුවියන් දෙදෙනාම පාසල් පන්ති කාමරයේ පොත් බෑග් තබා පාසලෙන් පිටව ගොස් ඇති බව වාර්තාවේ.
වැලිමඩ අම්බලම්ගොඩ ප්‍රදේශයේ 14 වියැති පාසල් සිසුවකුද ආගිය අතක් නොමැති බව සිසුවාගේ දෙමාපියන් ඌව පරණගම පොලිසියට පැමිණිලි කර ඇත.
අතුරුදහන් වූ අනෙකුත් පුද්ගලයින් පේරාදෙණිය, කිරුළපන, කන්තලේ, යාපනය, කිළිනොච්චිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස 19 – 63 වයස්වල පසුවන්නන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart