
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවතින නියඟය හේතුවෙන් දිවයිනේ වැව් 10,000කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් සිඳීගොස් ඇති අතර, ප්‍රධාන ජලාශ සියල්ලේම ජල මට්ටම සියයට 35-40කින් පමණ අඩු වී ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලැබී ඇති ප්‍රතිපාදන අනුව මෝසම් වර්ෂාවට පෙර හානියට පත් වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ඇමැතිවරයා සඳහන් කරයි.
මේ වනවිට ක්‍රියාත්මක එල්නිනෝ ක්‍රියාවලිය හේතුවෙන් ඉදිරි කන්නයේ දී හොඳ වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි උපකල්පනය කරන අතර, ඉන් පසුව එන මීළඟ කන්නය නැවතත් වියළි කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.
එබැවින් මෝසමට පෙර මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීමෙන් වැඩි ජල ප්‍රමාණයක් ගබඩා කර ගැනීමට මෙන්ම ගොවි ගැටලුවලට විශාල ලෙස විසඳුම් ලබාදිය හැකි බව ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart