August 28, 2026

ශ්‍රී ලංකා සහ ඉන්දියානු හමුදා ඉංජිනේරු කණ්ඩායම් එක්ව කුරුණෑගල ප්‍රදේශයේ අඩි 100 ක දිගින් යුත් බේලි පාලමක ඉදිකිරීම් සාර්ථකව අවසන් කර තිබේ.

1 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සෙබළුන් සහ ඉන්දියානු හමුදා ඉංජිනේරු කාර්ය සාධක බලකාය එක්ව කබල්ලෑව පාලම පිහිටි ස්ථානයේ මෙම ඉදිකිරීම් සිදුකර ඇත.

අගෝස්තු 22 වනදා ආරම්භ කරන ලද පාලමේ ඉදිකිරීම් කටයුතු අගෝස්තු 24 වනදා වන විට සම්පූර්ණයෙන්ම නිම කිරීමට ඔවුන් සමත් විය.

අලුතින් ඉදිකරන ලද මෙම බේලි පාලම දිගින් අඩි 100 ක් සහ පළලින් අඩි 17 ක් පමණ වේ.

මෙම පාලම ඉදිකිරීමත් සමඟ ප්‍රදේශයේ ගමනාගමන සබඳතා වර්ධනය වන අතර, ප්‍රදේශවාසීන්ගේ දෛනික ගමනාගමන කටයුතු පහසු වනු ඇතැයි බලධාරීහු විශ්වාසය පළ කරති.

ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරුවන් සහ ඉන්දියානු හමුදා ඉංජිනේරු කාර්ය සාධක බලකාය අතර පැවැති තාක්ෂණික කුසලතාව, වෘත්තීය මට්ටම සහ මනා සහයෝගීතාව මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම තුළින් මනාව පිළිඹිබු වේ.