June 19, 2026

‘රටම එකට’ ජාතික මත්ද්‍රව්‍ය නාශක වැඩසටහන ආරම්භ කළ දින සිට මේ දක්වා කාලය තුළ ආරක්ෂක අංශ විසින් මෙරටට ගෙන ආ මත්ද්‍රව්‍ය ටොන් දහයකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුම්වලට අදාළ මහනුවර දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී නිලධාරීන් විසින් මේ බව අනාවරණය කරන ලදී.

ඒ අනුව, පසුගිය 2025 ඔක්තෝබර් 30 වැනිදා සිට ක්‍රියාත්මක වූ මෙහෙයුම්වලදී පමණක් ‘අයිස්’ (ක්‍රිස්ටල් මෙතැම්පටමින්) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,100කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බව නිලධාරීහු පවසති.

මීට අමතරව, අදාළ කාලසීමාව තුළදී හෙරොයින් කිලෝග්‍රෑම් 1,950කට වැඩි ප්‍රමාණයක්, කංසා කිලෝග්‍රෑම් 5,800කට ආසන්න ප්‍රමාණයක්, කොකේන් කිලෝග්‍රෑම් 280කට වැඩි ප්‍රමාණයක් සහ මත්පෙති 1,736,349ක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇති බව ද එම රැස්වීමේදී වැඩිදුරටත් අනාවරණය විය.