
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බිත්තර සඳහා පනවා ඇති පාලන මිල ගැසට්ටුව අහෝසි කර දිනකට බිත්තර ලක්ෂ 10ක්(මිලියනයක්) ඉන්දියාවෙන් ගෙන්වා වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.
මේ වන විට රටෙහි ඇති ඉල්ලුමට සරිලන බිත්තර සැපයුමක් ලබාදීමේ ගැටලුවක් උද්ගත වී තිබේ. මේ හේතුවෙන් දිනකට ලක්ෂ දහයක පමණ බිත්තර හිඟයක් වෙළෙඳපොළ තුළ නිර්මාණය වී ඇත.
රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පසුගිය කාලයේදී ඉන්දියාවෙන් බිත්තර ආනයනය කළ අතර මේ වන විට බිත්තර මිලියන 35ක් ආනයනය කර තිබේ. මේ බිත්තරයක් අලෙවි කරන්නේ රුපියල් 35කටය.
දැනට පවතින බිත්තර හිඟයට විසඳුමක් ලෙස දිනකට බිත්තර මිලියනයක් බැගින් රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා ඉන්දියාවෙන් ගෙන්වීමට සැලසුම් කර තිබේ. එලෙස ගෙන්වන බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා රුපියල් 35ක මිලකට අලෙවි කිරීමට තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ අගමැති ලේකම් අනුර දිසානායකගේ මූලිකත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය. මුදල්, සෞඛ්‍ය, වෙළෙඳ හා කෘෂිකර්ම අමාත්‍යාංශ නියෝජනය කරමින් නිලධාරීන් හා ඒවාට අනුබද්ධ ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් හා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන් මෙම සාකච්ඡාවට කැඳවා තිබිණි.
එමෙන්ම බිත්තර පාලන මිල සඳහා පනවා තිබූ ගැසට්ටුව ඉවත් කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබේ. මෙම ගැසට්ටුව මගින් සුදු බිත්තරයක් රුපියල් 44ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක පාලන මිලක් යොදවා තිබිණි.
බිත්තර ගෙන්වීමට රජය ගෙන ඇති තීරණයත් සමග රුපියල් 35ක මිලකට බිත්තර මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart