
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙහිවල ප්රදේශයේදී අනතුරුදායක හා අපරික්ෂාකාරී ආකාරයෙන් යතුරුපැදි පැදවීම සම්බන්ධයෙන් තරුණයන් දසදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර, සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබූ අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි 10ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
ඊයේ (02) අලුයම දෙහිවල පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් දෙහිවල දුම්රිය ස්ථානය අසල සිට වැල්ලවත්ත දෙසට මාර්ගය දිගේ අනතුරුදායක හා අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි පැදවූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් යතුරුපැදිවල සමහර කොටස් සහ ඇමුණුම් නවීකරණය කර වැඩිදියුණු කර ඇති බව ද පොලිසිය අනාවරණය කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 17 ත් 22 ත් අතර මොරටුව, රාජගිරිය, පිළියන්දල, අංගොඩ, දෙහිවල, රත්මලාන සහ කොළඹ 05 යන ප්රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart