August 27, 2023

පොලිස් කොස්තාපල්වරයකුට පහරදී ඔහුගේ භාණ්ඩ සොරකම් කළ පුද්ගලයන් 08 දෙනකු සංදිවේලි පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ සංදිවේලි පොලීසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් බව අනාවරණය වේ.

මාවඩිවෙම්බු ප්‍රදේශයේ දරුවකුට පියා විසින් අමානුෂික ලෙස පහරදෙන බවට ලද තොරතුරක් පරික්ෂා කිරීමට එම ප්‍රදේශයට ගිය පොලිස් කොස්තාපල්වරයාට මෙලෙස පිරිස එක් වී පහර දී තිබෙන බව පැවැසේ.

පොලිස් නිලධාරියාගේ නිලඇඳුම ඉරාදමා ඔහුගේ ඉන පටිය ද රැගෙන සැකකරුවන් පළාගිය ද විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා වාලච්චේන රෝහලට ඇතුළත් කර තිබේ.