
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථානයේ මිටියාවතක අඩි 900ක් ඉහළින් ගමන් කරමින් තිබූ කේබල් රථයක් ඊයේ (22) අනතුරට ලක්වීමෙන් එහි සිරව සිටි පාසල් සිසුන් 06දෙනෙක් සහ ගුරුවරුන් දෙදෙනෙක් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව බේරාගෙන තිබේ.
පාකිස්ථාන ගුවන් හමුදාව පැය දහයක් පුරා යෙදුණු දුෂ්කර මෙහෙයුමකින් අනතුරුව කේබල් රථයේ සිර වී සිටි පුද්ගලයන් මෙලෙස බේරාගැනීමට සමත් වී ඇතැයි වාර්තා වේ.
අධික සුළං තත්ත්වය හේතුවෙන් ගුවන් හමුදාවේ මෙහෙයුම් සෙබළුන්ට කේබල් රථයට ගොඩ බැසීම ද ඉතා දුෂ්කර වී ඇති අතර, එම මෙහෙයුම අතිශයින් අවදානම් සහගතවූ බව එරට ගුවන් හමුදාවේ නිලධාරියෙක් සඳහන් කර තිබේ.
කමාන්ඩෝ භටයෙක් කේබල් කාරය තුළට ගොඩවීමට අවස්ථා ගණනාවකදීම උත්සාහ කර ඇති අතර, සුළං තත්ත්වය හා කේබල් කාරය පැද්දීම හේතුවෙන් එය අසීරු වී ඇතැයි වාර්තා වේ.
ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවල සහායට පකිස්ථාන යුද හමුදාවේ හෙලිකොප්ටර් යානා දෙකක් ද පිටත් කර යැවූ බව එරට යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර තිබේ.
කේබල් කාරයේ සිරවී සිටි සිසුන් වයස අවුරුදු 10 සිට අවුරුදු 16 දක්වා වයස් කාණ්ඩයේ පසුවන අතර, ඉන් එක් සිසුවෙක් හෘද රෝගියකු බව වාර්තා වේ.
එමෙන්ම අධික භීතියට පත්වූ එම සිසුවා පැය දෙකක කාලයක් සිහිසුන්ව සිටි බව රථයේ සිරවී සිටි ගුරුවරයෙක් පවසා තිබේ.
වයඹ දිග පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට කිලෝමීටර් 200ක පමණ දුරින් පිහිටි බට්ටග්‍රම් නමැති කඳුකර පළාතක ස්ථාපිත කර ඇති මෙම කේබල් රථ ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart