
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ සිට කන්කසන්තුරය බලා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රියේ ගැටීමෙන් අලි හතරදෙනෙකු ඊයේ රාත්රියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ රාත්රී 11.50 ට පමණ අඹන්පොල සහ ගල්ගමුව දුම්රිය ස්ථාන අතර මෙම ඛේදවාචකය සිදුව ඇත.
අලි තිදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර එක් අලියකු තුවාල ලබා අද උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.
මීට පෙර අවස්ථාවක ද මෙලෙස අලි තිදෙනකු දුම්රිය අනතුරකින් මරණයට පත්විය.
මේ අතර, කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ හබරණ, පලුගස්වැව ප්රදේශයේදී ඊයේ රාත්රියේ මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ ශීඝ්රගාමී දුම්රියට කෙනරක සහ අලි පැටවකු ගැටී තිබේ.
අලි පැටවා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර කෙනර බරපතල තුවාල ලබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart