August 17, 2023

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අරමුදල් තරකිරීම සඳහා වැඩසටහනක් දියත් කර ඇතැයි වාර්තා වේ.

මෙම වර්ෂය සදහා සිදුකරනු ලබන දේශපාලන ක්‍රියාකාරකම් සහ වෙනත් පරිපාලන කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් ඒකරාශී කිරීම වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව මගින් මෙම තීරණය ගෙන ඇතැයි පැවැසේ.

එහිදී පක්ෂයට හිතවත් පිරිස් මගින් එක් දිස්ත්‍රීක්කයකින් රුපියල් ලක්ෂ හතරක මුදලක් ඒකරාශී කර පක්ෂයේ අරමුල සදහා ලබාදෙන ලෙසට මධ්‍යම කාරක සභාව පක්ෂයේ දිස්ත්‍රීක් කාරක සභා වෙත දැනුම් දී ඇතැයි වාර්තා අනාවරණය කරයි.

පෙරටුගාමි සමාජවාදී පක්ෂයට සම්බන්ධවී කටයුතු කරන හිතවතුන් මාර්ගයෙන් මෙම මුදල් රැස් කිරීමට නියමිත බවත් දැනගැනීමට ඇත.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයකදී පක්ෂයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මෙන්ම, ආණ්ඩුවට එරෙහිව ජනතාව තුළ යම් මතයක් සමාජගත කිරීම සදහා විවිධ විරෝධතා සංවිධානය කිරීමත් අරමුණු කරගනිමින් මෙලෙස මුදල් එක්රැස් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.