
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාතාල කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගනේමුල්ල සංජීව’ නමැත්තා ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකාරිය වන ‘ඉෂාරා සෙව්වන්දි’ ඇතුළු සැකකරුවන් හය දෙනෙකුගෙන් පොලිස් කණ්ඩායම් තුනක් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.
ඉෂාරා සෙව්වන්දිගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සංජීවගේ ඝාතනයට අදාළ වැදගත් තොරතුරු කිහිපයක් අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි, මෙරට පොලිස් කණ්ඩායමක් සහ නේපාල පොලිසිය එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකදී ඉකුත් දා නේපාලයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ප්රමුඛ කණ්ඩායමක් සහ තවත් නිලධාරීන් හතර දෙනෙකු විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සැකකරුවන් කණ්ඩායම ඊයේ මෙරටට රැගෙන විත් තිබිණි.
අනතුරුව ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් අංශ කිහිපයකට භාරදී ඇත.
ඒ අනුව, ඉෂාරා සෙව්වන්දි, ‘ඩුප්ලිකේට් ඉෂාරා’ හෙවත් තක්ෂි, ‘ජේ.කේ. බායි’ නමැති පුද්ගලයෙකු සහ ‘යාෆ්නා සුරේෂ්’ නමැත්තෙකු කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී ඇත.
‘ගම්පහ බබා’ නමින් හැඳින්වෙන පුද්ගලයෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයට සහ ‘නුගේගොඩ බබී’ නමින් හැඳින්වෙන පුද්ගලයෙකු බටහිර දකුණ අපරාධ කොට්ඨාශයට භාර දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart