
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස උසස් කරන ලෙස පොලිස් මූලස්ථානය විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවට නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට සහ මාතර හා හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න යන නිලධාරීන්ගේ නම් මෙලෙස ජාතික පොලිස් කොම්ෂන් සභාව වෙත යොමුකර ඇතැයි පැවැසේ.
මේ වන විට පොලිස් සේවයේ සිටින ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනා වන්නේ මෙම නිලධාරීන්ය.
පොලිස් මූලස්ථානය විසින් යොමුකරනු ලැබ ඇති මෙම නම් සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ ජාතික පොලිස් කොමිෂන් සභාව රැස්වී සලකා බැලීමට නියමිතව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart