
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුරුණෑගල බස් නැවතුමේ දී හමු වූ තරුණයකු හා තරුණියක හමුවී පැය දෙකක් ගතවීමටත් පෙර විවාහ වන්නට දිවුලපිටිය ප්‍රදේශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයකු වෙත ගිය පුවතක් පසුගිය දා වාර්තා විය. අදාළ තරුණී නවාතැනට එන්නට කුරුණෑගල බස් නැවතුමේ සිටියදී හමු වූ තරුණයකු හා ඉඟිබිඟි පා තිබේ. දෙදෙනා කටුනායක බලා යන බසයට ගොඩවී එකම අසුනකට බර වූයේ ඒ වනවිටත් පැවැති ඇඟලුම් කම් නිසාය. බසය පිටත්වීය. දෙදෙනාට ඒ ගැන වගක් නැත. පෙම් බස් දොඩන්නට වූ කොටදෙණියාව පසු කරද්දී තරුණයා ” අපි බඳිමු ” කියා යෝජනා කළේය. තරුණිය එක පයින් ඊට කැමති වූවාය.
කටුනායක බලා යෑම පසෙකලු යුවළ දිවුලපිටිය නගරයේ බසයෙන් බැස්සෝය. ත්‍රීරෝද නැවතුමට ගිය තරුණයා එහි සිටියකු හා සාකච්ඡා කළේය. රියට ගොඩ වූ යුවළ රැගත් ත්‍රීරෝදය නතර වූයේ විවාහ රෙජිස්ට්‍රාර් කාර්යාලයක් අසලය. රෙජිස්ට්‍රාර්වරයා හමු වූ තරුණයා “අපි බඳින්න ආවායී” කියද්දිම ඔහුට දුරකතන ඇමතුමක් ලැබිණි. තරුණයා පසෙකට වී ඇමතුමේ යෙදෙද් දී රෙජිස්ට්‍රාර්වරයා ත්‍රීරෝද රියැදුරාගෙන් යුවළ ගැන විසීය. ඔහු කීවේ ඔවුන් රෙජිස්ට්‍රාර් කාර්යාලයකට යාමට අවශ්‍ය බව කී නිසා කැඳවාගෙන ආ බවයි. රෙජිස්ට්‍රාර්වරයා තරුණියගෙන් තොරතුරු විමසුවේ ඉන් අනතුරුවය. ඇය මාතලේ බවත් තරුණයා අනුරාධපුරයේ බවත් පැවසූ බව ද ඇය කීවාය. ඇය දෙදෙනා හඳුනා ගත් ආකාරය විස්තර කළේ අනතුරුවය.
මෙසේ හදිසි විවාහයකට යොමුවීමෙන් සිදුවිය හැකි අනර්ථකාරී තත්ත්වය ගැන රෙජිස්ට්‍රාර්වරයා තරුණියට කරුණු කාරණා පැහැදිලි කර දෙද්දී තරුණිය සිටියේ කඳුළු පිරි දෙනෙතින් යුතුවය. එමෙන්ම දෙදෙනාගේ පදිංචි කෝරළයන් වෙනස් වන නිසා විවාහය ලියා පදිංචි කිරීමේ නොහැකියාව ද තේරුම් කර දුන්නේය. විවාහය නොකෙරෙන තැන පසුව තරුණ දෙපල රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් පිටව ගියහ. සතියකට පමණ පසු රෙජිස්ට්‍රාර්වරයාට දුරකථන ඇමතුමක් ලැබිණි. ඇමතුම ලබාගත්තේ හදිසි විවාහයකට පැමිණි තරුණියයි. තමාට මහමගදී හමුවූ තරුණයා විවාහකයකු බවත් තමාව බේරාගැනීම පිළිබඳව ‘පිංදෙන’ බවත් තරුණිය රෙජිස්ට්‍රාර්වරයාට පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart