
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පන්දුවාර විස්ස ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමන් සතුකර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්ව තිබේ.
ගැම්බියා කණ්ඩායමට එරෙහිව කඩුලු 04 ට ලකුණු 344ක් රැස්කරමින් සිම්බාබ්වේ කණ්ඩායම එම ලෝක වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ පසුගිය (2023) වසරේ සැප්තැම්බර් මස දි මොන්ගෝලියා කණ්ඩායමට එරෙහිව නේපාල කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුලු 03 ලකුණු 314ක් රැස්කරමින් පිහිටුවා තිබූ වාර්තාව බිඳදමමිනි.
පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා අප්‍රිකා උප කලාපීය සුදුසුකම් ලැබීමේ B කාණ්ඩයේ තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායම මෙම ඓතිහාසික ඉනිම ක්‍රීඩා කළේය.
එහිදි විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ සිකන්දර් රාසා පන්දු 43 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 15 ක් සමඟින් නොදැවී ලකුණු 133 රැස්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart