
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සත්කාරකත්වය දරන සිම්බාබ්වේ කණ්ඩායමේ තරගාවලියට එක්වීමේ සිහිනය අද(04) බොඳවිය.
ඒ බුලවායෝහිදි සුපිරි හයදෙනාගේ වටයේ දි අද පැවැති තරගය ස්කොට්ලන්තය හමුවේ පරාජයට පත්විම සමගය.
තරගයට ආරම්භයට පෙර ප්‍රසාද ලකුණ 06ක් ලබා සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන තැන පසුවු අතර තරගය පරාජය විම හමුවේ ස්කොට්ලන්තය එම ස්ථානයට පත් විය.
ඒ අනුව ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය අතර අනිද්දා බුලවායෝහිදි පැවැත්වෙන තරගය තීරණාත්මක තරගයක් වි තිබේ. යම් හෙයකින් ස්කොට්ලන්තය එම තරගය ජයගතහොත් ඔවුන් 10වන කණ්ඩායම ලෙස එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබනු ඇත.
කෙසේ වෙතත්, ස්කොට්ලන්තය පරාජය කිරීමට නෙදර්ලන්තය සමත්වුවහොත් කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු සම වන හෙයින් ලකුණු ලබාගැනීමේ දළ වේගය අනුව ලෝක කුසලානයට පිවිසෙන කණ්ඩායම තීරණය වනු ඇත.
අද තරගයේදි පලමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 50 තුළ කඩුලු 08කට ලකුණු 234ක් ලබා ගත් අතර සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 41යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවි රැස්කරගැනීමට හැකිවුයේ ලකුණු 203ක් පමණි. ඒ අනුව ස්කොට්ලන්තයට ලකුණු 31ක ජයක් හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart