
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනයක් කර තිබේ.
එමගින් සෙලෙන්ස්කි පවසන්නේ, යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාව සමඟ කිසියම් ගිවිසුමකට එළඹීමට පෙර යුක්‍රේනයට පැමිණෙන ලෙසයි.
“කරුණාකර, ඕනෑම ආකාරයක තීරණයකට එළඹීමට පෙර, ඕනෑම ආකාරයක සාකච්ඡාවකට පෙර, මිනිසුන්, සිවිල් වැසියන්, රණශූරයන්, රෝහල්, පල්ලි, දරුවන් විනාශ වී හෝ මියගොස් ඇති බව දැකීමට එන්න”, CBS පුවත් සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සෙලෙන්ස්කි පැවැසීය.
ඉකුත් ඉරිදා යුක්‍රේනයේ සුමි නගරයට රුසියානු මිසයිලයක් එල්ලවීමෙන් පුද්ගලයන් 34 දෙනෙකු මියගොස් තවත් 117 දෙනකුට තුවාල සිදුකිරීමට පෙර මෙම සම්මුඛ සාකච්ඡාව පටිගත කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් රුසියාව කියාසිටියේ තමන් යුක්රේන සොල්දාදුවන්ගේ රැස්වීමක් ඉලක්ක කර ඉස්කැන්ඩර් මිසයිල දෙකක් එල්ල කළ බවයි.
ඉන් 60 දෙනකු මියගිය බවත් රුසියාව පවසයි.
මේ අතර එම ප්‍රහාරය අත්වැරැද්දකින් සිදුවූවක් බව තමන්ට පවසා ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති නමුත් තමාට එවැන්නක් පැවසුවේ රුසියානු පාර්ශවයේ කවුරුන්ද යන්න ට්‍රම්ප් පවසා නොමැත.
සුමි හි ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ, රැස්වීම සඳහා භාවිත කළ බව රුසියාව ප්‍රකාශ කරන සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක් විනාශ වී ඇති අයුරු පෙනෙන්නට තිබේ.
මිසයිලයක් එල්ල වූ ස්ථානයේ විශාල ආවාටයක් ඇති අතර ශාලාවේ වහලය සම්පූර්ණයෙන් විනාශ වී ඇත.
කෙසේවෙතත් යුක්‍රේන හමුදා නිලධාරීන් එවැනි රැස්වීමක් පැවැත්වූ බව තහවුරු කර නැත.
එවැනි රැස්වීමක් සිදුවීමට ඉඩදුන්නේ නම් වහාම ඉල්ලා අස්වන ලෙස සුමී හි ප්‍රාදේශීය නගරාධිපතිවරයකු ප්‍රාදේශීය ආරක්ෂක නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
යුක්‍රේන සොල්දාදුවන්ගේ ඕනෑම රැස්වීමක් රුසියාවේ ප්‍රධාන ඉලක්කයකි.
යුක්රේනයේ ශක්තිමත්ම හමුදා සගයා වන එක්සත් ජනපදය යුද්ධය අවසන් කිරීමට උත්සාහ කරමින් සිටින විට මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි.
කෙසේවෙතත්, ට්‍රම්ප් සෙලෙන්ස්කිගේ ආරාධනය පිළිගෙන තිබේ ද යන්න මෙතෙක් වාර්තා නොවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart