
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ තරග කාලසටහන නිකුත්කර තිබේ.
ඒ අනුව, සුපිරි වටයේ තරග හෙට සිට ආරම්භ වේ.
පළමු වටයේදී අදාළ කාණ්ඩවල පළමු ස්ථාන තුන හිමිකරගත් කණ්ඩායම් 12ක් සුපිරි වටයට සුදුසුකම් ලැබීය.
ඊයේ ඕස්ට්‍රේලියාව සමග පැවැති තරගය ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කණ්ඩායම පරාජයට පත්විය.
එම තරගයේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමුව පන්දුවට පහරදී ලකුණු 208ක් ලබාගත් අතර ඕස්ට්‍රේලියාව පන්දුවාර 48යි පන්දු 05ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 211ක් ලබා ගනිමින් තරගය ජයගත්තේය.
කෙසේවෙතත් ‘සී’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සුපිරි හයදෙනාගේ වටයට සුදුසුකම් ලබාගන්නා ලදී.
ඉන්දියාව, බංග්ලාදේශය, අයර්ලන්තය, දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, පාකිස්තානය, නවසීලන්ත සහ නේපාලය ඒ අනුව, වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලානයේ සුපිරි වටය සදහා සුදුසුකම් ලබාගෙන තිබේ.
අමෙරිකාව,ඇෆ්ගනිස්තානය,නැම්බ්යාව,ස්කොට්ලන්තය තරගාවලියෙන් ඉවත්ව ගිය කණ්ඩායම් වේ.
සුපිරි වටයේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මුහුණදෙන පළමු තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග හෙට පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart