April 10, 2026

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හඳපානාගල කෙන්ගහ ප්‍රදේශයේදී අකුණු සර වැදීමකින් තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබේ.

අකුණු සැර වැදීමෙන් ඇය එම ස්ථානයේ දීම මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කෙන්ගහ ප්‍රදේශයේ පදිංචි චමෝදි මශානි නමැති 23 හැවිරිදි තරුණියකි.

සිය නිවස අසල ඇති හේනේ වැඩකරමින් සිටි මවට සහ පියාට වර්ෂාව නිසා කුඩයක් ලබාදී යළි නිවෙස වෙත පැමිණෙමින් සිටියදී ඇය මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබිණි.(දිවයින)