July 3, 2025

ඊයේ සවස කුරුවිට, දෙවිපහල ප්‍රදේශයේ සිදු වූ මාලයක් පැහැරගැනීමේ සිද්ධියකින් තුවාල ලැබූ 26 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා විය.

හඳුනානොගත් කණ්ඩායමක් කාන්තාවගේ ගෙළට පහර දී ඇගේ මාලය පැහැරගෙන පළාගොස් ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූ කාන්තාව රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඇය මියගොස් ඇත.

මියගිය කාන්තාව කුරුවිට, දෙවිපහල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කුරුවිට පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.