
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රථමවරට වාණිජ හා වෘත්තීය කටයුතුවල නියැලී සිටින නියමුවන් රහිත ඩ්‍රෝන යානා ක්‍රියාකරුවන් සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට සූදානම් වේ.
සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල විසින් සිදුකළ මඟපෙන්වීම යටතේ, එම අධිකාරිය දැනටමත් IS-53 යටතේ සම්මත ඩ්‍රෝන රෙගුලාසි නිකුත් කර ඇත.
මෙම රෙගුලාසි නව ඩ්‍රෝනා යානා නියමු බලපත්‍ර රාමුව සඳහා පදනම සාදන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
නියමු බලපත්‍රයක් අපේක්ෂා කරන ඩ්‍රෝන ක්‍රියාකරුවන් න්‍යායාත්මක පරීක්ෂණයකට පෙනීසිටිය යුතු අතර ඉන් පසුව ප්‍රායෝගික තක්සේරුවක් සිදුකළ යුතුව තිබේ.
ඒ සඳහා මෙහෙයුම් නිපුණතාවය පිළිබඳ සජීවී නිරූපණයක් ද ඇතුළත් වන අතර අයැදුම්කරුවන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ද පෙනීසිට ආරක්ෂක නිෂ්කාශනය ලබාගැනීම ද අවශ්‍ය වේ.
වාණිජමය අරමුණු සඳහා භාවිත කරන සියලුම නියමුවන් රහිත ඩෝන යානා වත්මන් නියාමන රාමුව යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සමඟ ලියාපදිංචි වීම අවශ්‍ය වේ.
ජාතික ගුවන් සේවා අධිකාරිය ලෙස, මිනිසුන් සහිත ගුවන් යානා මෙහෙයුම් සහ ඩ්‍රෝන ඇතුළු මිනිසුන් රහිත ගුවන් යානා පද්ධති යන දෙකම අධීක්ෂණය කිරීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය වගකිව යුතුය.
බොහෝ රටවල් විවිධ අංශ හරහා UAS තාක්ෂණය වැඩි වැඩියෙන් භාවිත කරන බැවින්, ශ්‍රී ලංකාවේ ඩ්‍රෝන කර්මාන්තය තුළ නව මෙහෙයුම් සංස්කෘතියක් පෝෂණය කිරීම එම අධිකාරියේ අරමුණ වී තිබේ.
ඩ්‍රෝන යානා සඳහා නියමු බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් පසු, ඉන්දියාවට පසුව, එවැනි බලපත්‍ර රාමුවක් හඳුන්වාදුන් දකුණු ආසියාවේ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart