
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ දිල්ලි නගරය හරහා ගලා බසින යමුනා නදිය සම්පූර්ණයෙන් සුදු පැහැති ඝන පෙණ තට්ටුවකින් වැසීගොස් ඇත.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම තත්වය පසුගිය සිකුරාදා දින දැකගත හැකිව තිබේ.
කෙසේවෙතත් ගඟට උඩින් පාවෙන වළාකුළුවලට සමාන වූ මෙම පෙණ තට්ටුව දවස ගෙවී යද්දී ක්‍රමයෙන් දිය වී ගොස් ඇත.
මෙම පෙණ මතුවීමට හේතුව ඇමෝනියා සහ පොස්පේට් විශාල වශයෙන් යමුනා ගංගාවට එක්වීම බව පරිසරවේදින්ගේ අදහසයි.
එළැඹෙන නොවැම්බර් මස 5 වැනිදාට යෙදී ඇති ඡත් පූජාව හෙවත් සූර්ය වන්දනාව වෙනුවෙන් හින්දු බැතිමතුන් යමුනා නදියේ ස්නානය කරන අතර යමුනා නදිය අතිශයින් අපවිත්‍ර වීම හේතුවෙන් මෙවර එම උත්සවයට බාධා මතුවිය හැකි බව ද සදහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart