January 26, 2026

අදට යෙදී තිබෙන ඉන්දියාවේ 77 වන ජනරජ දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පින් සුබ පැතුම් පණිවිඩයක් යොමු කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යොමු කර ඇති එම සුබ පැතුම් පණිවිඩයෙන් චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ චීනය සහ ඉන්දියාව යනු “හොඳ අසල්වැසියන්, මිතුරන් සහ හවුල්කරුවන්” බවයි.

ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු වෙත ද සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇතැයි චීන රාජ්‍ය මාධ්‍ය පවසයි.

ඔහු එමගින් පවසා ඇත්තේ පසුගිය වසර පුරා චීන-ඉන්දියානු සබඳතා අඛණ්ඩව වැඩිදියුණු වී වර්ධනය වී ඇති බවයි.

එය දෙරටේ සහ ඔවුන්ගේ ජනතාවගේ මූලික අවශ්‍යතා සමඟ සමපාත වන බවත්, ලෝක සාමය සහ සමෘද්ධිය සඳහා සැලකිය යුතු වැදගත්කමක් දරන බවත් චීන ජනාධිපතිවරයා පවසා ඇත.

එමෙන්ම චීන ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ චීනය සහ ඉන්දියාව සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වන අවස්ථා සඳහා හවුල්කරුවන් යන වැදගත් එකඟතාවයට අනුගත වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.