
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනයට සම්බන්ධ නැව් සමාගමේ නීතීඥයින් ශ්‍රී ලංකාවට අතුරු වන්දියක් ගෙවීමට එකඟ වී තිබේ.
සිංගප්පූරුවේදී පසුගියදා පැවැති සාකච්ඡාවලදී එළඹුණු මෙම එකඟතා පිළිබඳව සෙනසුරාදා (29) ශ්‍රී ලංකාවට දැනුම්දුන් බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
සාගර පරිසරයට සිදු වූ හානියට සහ ආපදාවෙන් විපතට පත් ධීවර ජනතාවට වන්දි වශයෙන් අදාළ අතුරු දීමනාව ගෙවීමට නියමිතය.
මෙම අතුරු මුදල් ගෙවීමට අදාළ සවිස්තර වාර්තාවක් ඉදිරි සති දෙක තුළ සමාගමේ නීතීඥවරුන් වෙත යොමුකරන බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මීට අමතරව, ආපදාවෙන් සිදු වූ සම්පූර්ණ හානියට අදාළ සාරාංශ වාර්තාවක් ඉදිරි සති දෙක තුළ නීතිඥවරුන් වෙත යවනු ලැබේ.
වාර්තාව සකස් කරනු ලබන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart